Friday 11 September 2015

" SHORT "


මේක පොඩි Short Story එකක්
කොච්චර Shortද කිව්වොත්
හරිම sweet.

එකමත් එක කාලෙක හිටියා
Shorty Boy කෙනෙක්
මෙය කොච්චර උසද කියනවනං
යාලුවෝ මෙයට කිව්වේ
“ෂෝටා” කියලා
මෙයාගේ රැකියාව උණේ
Short Hand Typist
දවසක්...,
මෙයාගේ bossට short notice
එකක් දාල..,
short live එකක් අරං,
ආවලු බෝඩිමට.
අලුතෙන්ම ගත්ත
Shorts එකයි
Short Sleev කමිසෙයි
ඇඳගෙන, එයාගේ
Girl Friend meet
වෙන්න යන්න..

කෙල්ලත් maching
හරිම Short
ඒ කිව්වේ...
කොට Model එකක්
ඒ හින්දම ලඟ Pick-up.
දෙන්නත් එක්ක
ලඟම කඩේට ගිහින්
short-eat කාල
මුදලාලිට පොඩි
short Change එකකුත් දීල,
මාරු වෙලා ආවලු..

“අප්පටසිරි short Film එක
බලන්න යන්න පරක්කු වෙනවා”
මෙහෙම කියල,
කොල්ල ලඟම short cut එකෙන්
film එක බලන්න ආවලු.
hall එකේ තිබුන එකම
short fall එක තමා,
"ලගට හරියට
හුලන් එන්නේ නැති එක"
එත් short break එකක් ගන්න
short film මරු
වෙලාවාත් ඉතුරුයි...!!
සතුටත් උපරිමයි...!!

කොල්ල එනගමන්
පංචිකාවත්තෙන් Bike එකට
ලයිට් පත්තුවෙන
short Circuit එකකුත් හයි කරගෙන,
ආවලු බෝඩිමට.
එවිත් බැලින්නම් wire short
එකක් වෙලා..
Circuit එක පිච්චිලා..

දන්නා short Term දාල,
ලියපු short story එක
ලස්සනද..? නැද්ද..?

කියල හිතන එක උබලට බාරයි...!!

Tuesday 8 September 2015

ලස්සන

දස මස කුසේ                   දරා
ලේ කිරි කර              පොවලා           
අම්මා ඉන්නේ                බලා
ලස්සන දරුවෙක්ව          පතා

ලස්සන නමක් දරුවට                     හොයන්නේ
අහුබුදු මහතාගෙන් තේරුම                 අහන්නේ
ලස්සන නම්  දෙක තුනක්ම             ලැබෙන්නේ
වාසගමත් ලස්සන කර                        දමන්නේ

අනාගතේ  තව  ලස්සන ...
කරන්නට
දරුවා යවන්නේ ලස්සන පෙර...,
පාසලට
ලස්සන චිත්‍ර ඇඳල බිත්ති...,
පිරෙන්නට
දරුවා දමන්නේ නොහිතා.....,
දෙපාරට

ටීචර්  ඇඳන් ඉන්න සාරි                            ලස්සන
පොඩි එකා දකින්නේ  ටීචර්ගෙ                 ලස්සන
ලිව්වොත් මගේ පුතා අකුරු                       ලස්සන
දෙනවා මම ගෙනත් සෙල්ලම් බඩු             ලස්සන




ලියන්න,කියන්න ,වයන්න              ලස්සනට
පතල නමක් ඇති ප්‍රදේශෙ                 පාසලට
දරුවා දමන්නේ පොර  කාගෙන            ජයට
පොඩි එකාගේ ජීවිතෙ හැඩ            කරන්නට


එක.දෙක,තුන හතර ගෙවිලා                      යන්නේ
ශිෂ්‍යත්වෙත් නොදෙනුවත්ම ලං                වෙන්නේ
පාඩම් වැඩ වලට  හැම උපදෙස්                 දෙන්නේ
ශිෂ්‍යත්වෙත් ලස්සනටම ගොඩ                  යන්නේ


යන්තන් ඔහොම එනකොට වසරෙන්          අටට
කුරුලැ  දෙක තුනක් එන්නේ               මුහුණතට
කුරුලැ වලට යුද ප්‍රකාශ                           කිරීමට
පසුබට උනේ නැ ළමයා කිසිම                      විට


සුදු වෙන්ට ගාන ක්‍රීම්                    හොය හොයා
කෙල්ලෝ ගාන ක්‍රීම් මූනේ                 උල උලා
ලස්සන කෙල්ලෝ ඉන්න cls              බල බලා
cls අසල හිටිය පැණි                           හල හලා
  

දාන්නේ ලස්සන shoes, Sandals
අදින්නේ ලස්සන පට්ට denim
බලන්නේ ලස්සන hindi films
වෙන්නට හිතල හැන්ඩි පොරක්



මුලින්ම ලස්සන දුටුවේ    ඔබෙන්
එකයි ආවේ මාත්               පයින්
දාල ඔයාට මාර                  ලයින්
කරන්න හේදුවේ ඔයා       queen

ලස්සන කෙල්ලන් සියලු                         දෙනා
වෙන වෙන එවුන්ට අයිති                         උණා
ඇපලුත් පනුවන් කන්න                           උණා
ඒව හිතල මම සතුටු                                උණා


කසාද බඳිනා කාලය එන                         විට
අම්බ යකුන් කිරි ටොයියන්                 ගානට
ලස්සන Makeup දාගෙන                  තලියට
දඟලන්නේ මගුල ජයට                    ගන්නට


මගුල් ගෙදර ගිහින් ගෙදර  ආ       සැනින
අම්ම අහන්නේ බ්‍රයිඩ්ගෙ              ලස්සන
අහවල් එකද දැන් ඒකිගේ            ලස්සන
Makeup දාපු හැමෝම දැන්         ලස්සන


මිනිසුන් ලස්සන ගෙවල්              හදයි
කෙල්ලෝ ලස්සන කාර්          සොයයි
අතලොස්සක් ජීවිතය              සොයයි
හැමෝම ලස්සන සතුට           සොයයි



ගොඩක් මල් වඩම් වටකොට                    ලස්සන
මල මිනිහට අන්දවලා                               ලස්සන
ලස්සන  කියවෙන අන්තිම තැන                   ගැන
මළගෙදරක වැඩ වෙන්නෙත්                    ලස්සන


ලස්සන විය යුත්තේ හදවතය,
නමුත් අද එහෙම එවුං හොයන්නට අමාරුය
කාලය සමග මාත්
ලස්සන වීමට උත්සාහ කල වාර අපමණය,
කොහොම උනත්
හෙමෝම කැමති ලස්සනට ඉන්නට
 සහ ලස්සන දේවල් කරන්නටය.
අද ලස්සන වෙන්නට
කෙල්ලෝ ,කොල්ලෝ
නොකරන දෙයක් නැති තරම්ය
Beauty salon අගලක් අගලක් ගානේ
හතු පිපෙනවා වගේ පිපෙන්නේත්
ලස්සන වෙන්නට මිනිස්සුන්ගේ තියෙන
ඉල්ලුම නිසාම නොවේද ...?
ඇත්තටම ජීවිතය පුරාවට ලස්සන වීම
කොයිතරම් බැඳී තිබෙනවාදෑයි

මට සිතේ....

Selfie


වෙඩිමකට ගිය විට..,
යන්නට මත්තෙන් ඇතුලට
ගිහින් වැසිකිලියට..,
කොණ්ඩය සාදා යසට
සකස් කොට...,
හැන්දිපිලි මනාවට..
ගනියි ඇතැමෙක් Selfie යක්..!!


පාටියට ගිය විට..
DJ එකක නටන විට..
ගැන්සියත් එක්ක හිඳ...,
ගන්නම ඕනිමයි Selfie යක්..!!


තොල ගාන විට සැරක්..
හපා කට ගැස්මක්..
නගා Cheers හඬක්..!
set වෙලා අපේ අය..
ගන්නවා Selfie යක්...!!


Driving කරන කොට...
සීට් belt දමා තද කොට..
තමාගේ කාරයේ සිට..
අරගනියි Selfie යක්..!
විවිධ ඈන්ගල් හසුකොට..,


බස් එකේ යන විට...
දුම්රියේ යන විට..
තුන්සක රියක යන විට..
පා පැදියක යන විට..
ගුවනේ Fly කරන විට..
ගන්නට හිතෙනවාමයි.., 
ඇතැමෙකුට Selfie යක්...!!

කෑල්ල එනකල් මග බලා..
කෝච්චිය එනකල් ..
ස්ටේෂමට වෙලා..
Flight එක miss වෙලා..
අරගනියි ඇතැමෙකු Selfie යක්..!
හොඳට හෙම්බත් වෙලා..!!

Office එකේ වැඩ අඩු වූ විටෙක..
Set වලා කට්ටිය Lunch එකට..
පෙන්නන්න Busy බව..!
ගන්නවා Selfie යක්...!!
Office එකේ හිඳ..


රෙස්ටුරන්ට් එකට ගිය විට..
Menu පත කියවා Oder කල විට..
ගන්නට ආසයි Selfie යක්..!!
Oder කල බොජුන් ළඟ..

ට්‍රිප් එකක් ගියහම..
ගලකට නැග්ගම..
ගහකින් බැස්සම...!
ඇළකට පැන්නම..
දොළකට බැස්සම..
ෆූල් එකේ නෑවම...!
මිරිදියේ කරදියේ නෑවම..
ගන්න ඕනෑ අනිවා..
Selfie
යක් නම් මුන්ට..!


ගියාම බලන්නට..
Cricket
මැච් එකක්...
ටිකට් එක අරගෙන..!
ග්‍රවුන්ඩ් එකට ගියවිට..
මැච් බැලිලි පැත්තක..!
පළමු රාජකාරිය..
Selfie
යක් ගන්න එක..!!


පන්සලට ගිය විට..
පල්ලියට ගිය විට..
පුදන්න,වදින්න පළමුව..,
සුකුමලියත් සමග හිඳ..
Selfieයක් ගන්නට ඕනෑමයි මුන්ට..!!



පිටරට දේසවල..
දැන් අළුත් trend එක..
Tub
එකේ නානකොට...
Selfie
යක් ගන්න එක..!!
අනේ හරි අපරාදේ
මෙහෙට බෝවී නොමැත..!
තවම ඒ trend එක..
බලා ටිකක් කික් වෙන්න..!!



එකී මෙකී නොකී..
ඕනෑම වැඩකට..
ඕනෑම තැනකට...
නැතුව වේලාවක්..
හෝ අවේලාවක්..!
සියල්ලට ප්‍රථමයෙන්..
Selfie
යක් ගන්න එක...!
දැන් common වී ඇත..!!

අරගෙන Selfie ගොඩාක්..
තෝරාගෙන ඉන් එකක්..
උඩුගත කර මුහුණු පොතට..,
Tag කර හතර අත..,
Feeling වෙන විදිය කියුමට..
හරිම තදියමක්..!
මුන්ට නම් ඇත...!!



තදියම කෙතරම්ද යත්..!
Tag
කළ others..
Selfie
යේ තියා..
අහල ගං හතකවත් නැත..!!
එවිට මට නම්..
Feeling අපොයි....


අත කොට නිසාවෙන්..!
සෙට් කර කැමරාව..
දිග කෝටුවක් මත..!!
දුරින් ඈන්ගල් කොට..
ගන්න තරමට රුව..
Selfie
ය දියුණු වී ඇත..!


කැපු විට සුදු ඉරක්..
කල විට පාරේ වරදක්..
ලියන විට නිල දරුවක්..,
ගෙවන්නට දඩ කොලයක්
රාළහාමිත් සමගින්..,
කොල්ලෝ කැමතියි ...
ගන්න  හනිකට..,
පොලිස්  සෙල්ෆියක්..!!



මේක උන්මාදයක්..
විටෙක මෙය වාතයක්..!
නමුත් මේ trend එකේ..
ඇත පොඩි ලල් එකක්...!

කොන් වෙලා යනු ඇත..
අළුත් Gen එක ලග..
වැල යනෙන අත වෙත..!
නොගැහුවෝතින් මැස්ස..
නව ප්‍රවණතා සමඟ..
දියුණු වන ලොව තුළ..
Selfie
යක් අරගෙන...,
රැල්ල තේරුම් ගෙන
ඉමු අපිත් මේවා දැනගෙන..!!



පීරා ගූගලය...
සොයාගත් Selfie ටික..,
කවක් ලෙස හදා යස..
ලියන්නට හිතුන මට..

අලුයම නැගිට..
Bed එකේ හිඳ..
ඈනුමෙන් හිරි ඇර..
ගන්න Selfie ය..,
Bed Selfie /Morning Selfie


          මුහුදට ගිය විට..
         මුහුදත් එක්ක හිඳ..

         කකුල් 2ක පෙනෙන්නට..
         ගන්න Selfie ය..,
         The Beach Feet Selfie




ගිහින් හෝටලයට..
නැත්නම් රෙස්ටුරන්ට් එකකට..
ගෙදර උනත් කම්  නැත..
ගෙන්නපු,හදපු බොජුන් සමගින්..
ගන්න Selfie ය..,
The Food Selfie 






     ගියෝතින් Gym එකට..

    Worm up වී හනික..
    Pose කර  කැඩපතට..
    ගන්න Selfie ය..,
     The Gym Selfie








                                                         බීල වැඩි උනොත් හෙම..

නැගිටගන්න බැරි කල..
On කර cam එක..
ගන්න Selfie ය..,
The Drunken Selfie




            තොල් ටිකක් ලොකුනන්..
           පැත්තක් හපන්නට හැකිනන්..

           කෙල්ලෝ මේ වගෙනන්..
            එහෙම කෙල්ලන් ගන්න Selfie ය..,
            The Duck face Selfie


                                      යාළුවො set එක වැඩිනන්..
                                     තිරසට  ජංගමය තියා..
                                  පෙන්නන්නට මිත්‍ර සවිය..
                                    ගන්න Selfie ය..,
                                    The Friend Selfie




හිරි ඔතප් ඇති බව..
ලැජ්ජා බය ඇති බව..
පෙන්නන්නට ලොව හට..
කෙල්ලෝ ගොඩාක්..
ගන්න Selfie..,
The Shy Selfie



දන්නවද Kim අක්කා..
නැත්තන් රිහානා..
පිටිපස ටිකක් උස්සා..
තන් 2ක ගොඩාක් පෙන්නා..
ගන්න Selfie ය..,
The Belfie වීලා


ගිය විට විනෝදෙට..
ගමනක් ළඟක දුරක..
තැන පෙන්න ගන්න Selfie..,
The Holiday Selfie

                                                    ප්‍රසිද්ධ කෙනෙක් ළඟ..
          දාගෙන අත කරට..
          ලන් වී යාලු විලසට..
          ගන්න Selfie..,
         The Famous Friend Selfie




අරගෙන චන්ඩි look එක..
පොර වගේ ඉඳගෙන..
පෙන්නලා මැර පෙනුම..
එහෙම ගන්න Selfie..,
The Badass Selfie



ඇතුලෙ ගින්දර රන්දා..
පිටට කිරි පැණි විලසා..
එකට හිඳ දෙන්නා..
ගන්න Selfie..,
The Happy Couple Selfie



ඔක්කොම  සළු ගලවා..
නැත්තන් බාගෙට ඇඳලා..
ඇග යසට පෙන්නා..
ගන්න Selfie..,
The Naked Selfie




                                                  දඩ කොලේ ලියාගෙන..
                                                  පොලිස් නිල දරුවො ළඟ..
                                                  ලංකා අපි හොයාගත්..
                                                  අලුත් Selfie..,
                                                  The Polfie
                                                  නැත්තන් දඩ Selfie